Posts

හිරු මඬලේ සිසිල්ම ග්‍රහලෝකය

                              සෞරග්‍රහ මණ්ඩලයේ ඇති හත්වැනි ග්‍රහලෝකය වන යුරේනස්,වායු යෝධයන් අතර තුන්වැනි ග්‍රහලෝකයද වෙයි.විෂ්කම්භය අනුව ග්‍රහලෝක අතර විශාලත්වයෙන් තුන්වැනි ස්ථානය යුරේනස්ට හිමිවන අතර,ස්කන්ධය අතරින් සිවුවැනි ස්ථානය හිමිකර ගනී.                                 යුරේනස් ග්‍රහලෝකය මුලින්ම සොයා ගන්නා ලද්දේ විලියම් හර්ෂල් නම් තාරකා විද්‍යාඥයා විසිනි.ඒ 1781 වසරේදී ය.පැරණි ශිෂ්ටාචාරවල මේ ග්‍රහලෝකය පිළිබඳ තොරතුරු නොමැති අතර පියවි ඇසින් දැකීමට නොහැකි තරමට දුබල ආලෝකයක් විහිදුවන බැවින් ඔවුන්ට නිරීක්ෂණය නොවන්නට ඇත.විලියම් හර්ෂල් පවා මුලදී මෙය ධූමකේතුවක් ලෙස විශ්වාස කළත් වසර කීපයකට පසුව එය ග්‍රහලෝකයක් බව තහවුරු විය.නූතන ඉතිහාසය තුළ මුලින්ම සොයාගත් ග්‍රහලෝකය ලෙස සැලකෙන්නේ යුරේනස් ග්‍රහලෝකයයි. සිකුරු ග්‍රහයා මෙන් යුරේනස් ද භ්‍රමණය වන්නේ ප්‍රතිවිරුද්ධ දිශාවට ය.එයට තම අක්ෂය වටා වටයක් සම්පූර්ණ කිරීමට පැය 17 කුත් මිනිත්තු 14ක් ගතවේ.එසේම යුරේනස්ට හිරු වටා එක් වටයක් සම්පූර්ණ කිරීමට පෘථිවි දින 84ක් ගත වෙයි.ග්‍රහලෝකය අංශක 98ක් ආනතව පිහිටන නිසා එයට වසර 42ක දිවාකාලයකුත් වසර 42ක රාත්‍රී කාල

ලොව වෙසෙන මුවන් - සත්ත්ව ලෝකයේ විවිධත්වය 01

Image
         ක්ෂීරපායි   සත්ව විශේෂයක් වන මුවන් ලොව වඩාත් අහිංසක සතුන් කොටසක් ලෙසටද සැලකෙයි.තුන්ද්‍රා භූමි වල සිට වැසි වනාන්තර දක්වා ප්‍රදේශවල මෙම සතුන් ව්‍යාප්තව සිටියි.වනාන්තරයක තිරසාර පැවැත්මට මුවන්ගේ දායකත්වය ඉතා වැදගත්‍ ය.අද වනවිට මිනිසාගේ බොහෝ තර්ජනයන්ට මෙම මුවන් ලක්වෙති.මස්,හම්,අං සහ කස්තුරි ආදිය ලබා ගැනීමට වසරකට විශාල ප්‍රමාණයක් මුවන් දඩයම් කරනු ලබයි.කස්තුරි යනු මුවන්ගේ ඉකිලිය යට ඇති ග්‍රන්ථියකින් ස්‍රාවය වන ද්‍රව්‍යයකි.මෙම කස්තුරි මිල අධික සුවඳ විලවුන් නිෂ්පාදනයට යොදා ගනී.  • දුඹුරුවන් මුවා(Fallow Deer)    විද්‍යාත්මක නාමය : Dama dama     යුරෝපයේ වනාන්තර හා තණබිම් ආශ්‍රිතව ගැවසේ.තණකොළ,ගස්වල පත්‍ර,පොතු සහ අතු ආහාරයට ගනී.වලිගය හැර අඩි 5 අඟල් 3 ක් පමණ දිගකින් යුතුයි.150 kg ක් පමණ බරකින් යුක්තය.යුරෝපයේ වෙසෙන වැඩියෙන්ම අලංකාරම මුවා වෙයි.මෙම මුවෝ සිය දෙනෙකුගෙන් පමණ සමන්විත රංචු වශයෙන් වාසය කරති.              දිවා කාලයේ මෙන්ම රාත්‍රී කාලයේදී ද දැකගත හැකිය.කළු පැහැයේ සිට   දුඹුරු පැහැය දක්වා සිරුරේ වර්ණය වෙනස් වෙයි.එහි සුදු පැහැ විශාල පුල්ලි දැකගත හැකිය.එසේම විශා

විසිතුරු මසුන්

Image
            විසිතුරු මත්ස්‍යයන් ඇතිකිරීම ගැන වැඩියෙන්ම ප්‍රසිද්ධියක් උසුලන්නේ චීනයයි.චීන ජාතිකයින්ගේ උත්සහය සහ උනන්දුව නිසා විසිතුරු මත්ස්‍යයන් ඇති කිරීම අද වන විට ලොව පුරා ප්‍රචලිතව පවතී.ශ්‍රී ලංකාවේද සුළු වශයෙන් ආරම්භ කළ විසිතුරු මත්ස්‍ය නිෂ්පාදනය අදවන විට මුදල් උපයන ලාභදායී කර්මාන්තයක් බවට පත්වී ඇත.විසිතුරු මසුන් ඇතිකිරීමේදී මසුන්ට වැලඳෙන රෝග,දෙන කෑම,ඔවුන්ගේ පරිසරය සහ ජලය යන කරුණු ගැන හොඳින් සැලකිලිමත් විය යුතුය.(අද  ලිපිය තුළින් විවිධ විසිතුරු මසුන් පිළිබඳව ඔබව දැනුවත් කරන අතර මත්ස්‍ය රෝග සහ ආහාර පිළිබඳ දැනුවත් වීමට අවශ්‍ය නම් පහළින් Comment එකක් දාගෙන යන්න.) ඒන්ජල්(Angel)     පැතලි හැඩති අලංකාර මාළු විශේෂයකි.කළු පාට වයිරම් සහිත හා රන් පාට වර්ග කිහිපයක් ඇත.බිත්තර දැමීමට ජලජ ශාක අවශ්‍ය නොවේ.ගැහැනු සතා බිත්තර සමඟ නිකුත් කරන ඇලෙනසුලු ශ්‍රාවය නිසා බිත්තර උපස්තරය මත ඇලේ.පිරිමි මත්ස්‍යයා විසින් බිත්තර පුපුරන තුරුම ඒවා ආරක්ෂා කරනු ලබයි.දින 2-3 කින් පමණ පැටවු දැකගත හැකිය.මාසයක් පමණ වනතුරු මව්පිය ආරක්ෂාව ලබමින් කුඩා ජීවීන් හා කුඩු කෑම කා වැඩේ.වැඩුණු මත්ස්‍යයෙක් 10 cm

ලෝකයේ උසම දියඇලි

Image
දියඇල්ලක් යනු,          ජලපෝෂක ප්‍රදේශ හරහා ස්වාභාවිකව එකතු වන ජලය හෝ හිම දියවීමෙන් ඒකරාශි වන ජලය අංශක 35 කට නො අඩු ශීඝ්‍ර බෑවුම් ඔස්සේ වසරකට මාස හතරකට නො අඩු කාලයක් ස්ථාවර ජල දහරාවක් ලෙස විනාඩියට ජලය ලීටර් 100 කට නො අඩුව ඇදහැලේ නම් එය දියඇල්ලක් ලෙස සලකයි.මේ අනුව මීටර් 5  සිට මීටර් 979 දක්වා වූ ලොකු කුඩා දියඇලි දසලක්ෂ නවයක්(මිලියන් නවයක්) පමණ අප වෙසෙන පෘථිවිය මත විසිරී පැතිර ඇත. ඒන්ජල් දියඇල්ල           ලෝකයේ උසම දියඇල්ල ලෙස සැලකෙන ඒන්ජල් දියඇල්ල,එකම දිය කඳක් ලෙස පහළට ඇඳහැලෙන දියඇලි අතරින්ද ලොව උසම දියඇල්ල ලෙස සලකයි.20 වැනි සියවසේ මුල් භාගයේදී ගවේෂකයෙකු වූ අර්නස්ටෝ ඩි සැන්ටාකෲස් විසින් මෙම දියඇල්ල මුල් වරට දැක තිබුණත් වර්ෂ 1930 වන තෙක්ම එය ලෝකයෙන් සැඟවී තිබුණි.1930 වසරේදී ඇමෙරිකානු ගුවන් නියමුවකු වූ ජේම්ස් ක්‍රොෆෝල්ඩ් ඒන්ජල්,වටිනා ලෝහ පස් සහිත භූමියක් සොයමින් මෙම ප්‍රදේශය නිරීක්ෂණය කරන අවස්ථාවේදී ඔහුට මෙම දියඇල්ල දැක ගැනීමට ලැබී තිබේ.                    එතෙක් සැඟවී පැවති ඒන්ජල් ඇල්ල පිළිබඳව ලෝකයට තොරතුරු දැන ගැනීමට ලැබුණේ මෙම සොයා ගැනීමේ ප්‍රතිඵලයක් වශයෙනි.1933