විසිතුරු මසුන්

     


     විසිතුරු මත්ස්‍යයන් ඇතිකිරීම ගැන වැඩියෙන්ම ප්‍රසිද්ධියක් උසුලන්නේ චීනයයි.චීන ජාතිකයින්ගේ උත්සහය සහ උනන්දුව නිසා විසිතුරු මත්ස්‍යයන් ඇති කිරීම අද වන විට ලොව පුරා ප්‍රචලිතව පවතී.ශ්‍රී ලංකාවේද සුළු වශයෙන් ආරම්භ කළ විසිතුරු මත්ස්‍ය නිෂ්පාදනය අදවන විට මුදල් උපයන ලාභදායී කර්මාන්තයක් බවට පත්වී ඇත.විසිතුරු මසුන් ඇතිකිරීමේදී මසුන්ට වැලඳෙන රෝග,දෙන කෑම,ඔවුන්ගේ පරිසරය සහ ජලය යන කරුණු ගැන හොඳින් සැලකිලිමත් විය යුතුය.(අද  ලිපිය තුළින් විවිධ විසිතුරු මසුන් පිළිබඳව ඔබව දැනුවත් කරන අතර මත්ස්‍ය රෝග සහ ආහාර පිළිබඳ දැනුවත් වීමට අවශ්‍ය නම් පහළින් Comment එකක් දාගෙන යන්න.)



ඒන්ජල්(Angel)


    පැතලි හැඩති අලංකාර මාළු විශේෂයකි.කළු පාට වයිරම් සහිත හා රන් පාට වර්ග කිහිපයක් ඇත.බිත්තර දැමීමට ජලජ ශාක අවශ්‍ය නොවේ.ගැහැනු සතා බිත්තර සමඟ නිකුත් කරන ඇලෙනසුලු ශ්‍රාවය නිසා බිත්තර උපස්තරය මත ඇලේ.පිරිමි මත්ස්‍යයා විසින් බිත්තර පුපුරන තුරුම ඒවා ආරක්ෂා කරනු ලබයි.දින 2-3 කින් පමණ පැටවු දැකගත හැකිය.මාසයක් පමණ වනතුරු මව්පිය ආරක්ෂාව ලබමින් කුඩා ජීවීන් හා කුඩු කෑම කා වැඩේ.වැඩුණු මත්ස්‍යයෙක් 10 cm ක් පමණ දිගය.

ගෝල්ඩ්ෆිෂ්(Gold fish)


         චීනය හා ජපානය මොවුන්ගේ නිජභූමියයි.මූලික වර්ණය රන්වන් තැඹිලි මිශ්‍ර රතුපාටය.විවිධ වර්ණයෙන්,විවිධ හැඩයෙන් යුත් ගෝල්ඩ්ෆිෂ් මසුන් ඇත.කාප් මත්ස්‍යයාට නෑසබඳතාවක් දක්වන ගෝල්ඩ්ෆිෂ්ගේ ආයුකාලය අවුරුදු 35-40 පමණ වෙතැයි ගණන් බලා ඇත.ගෝල්ඩ්ෆිෂ් වර්ග අතරින් වැඩිපුර ඇති කරන්නේ වේල්ටේල්,ලයන් හෙඩ්,ෂුබන්කින්,බ්ලැක් මුවර්,ඔරන්ඩා,කොමට් යන වර්ගය.



කාප්(Carp)


                    මොවුහු බිත්තර අලවන්නෝ යනුවෙන්ද හැඳින්වෙති.ඊට හේතුව ඔවුන් විසින් මුල් ඇති ශාකවල බිත්තර අලවනු ලැබීමයි.බිත්තර දැමීමෙන් පසු මව් මත්ස්‍යයා ඉවත් කළ යුතුය.වැඩුණු කාප් මත්ස්‍යයෙකු අඟල් 14-15 පමණ  විශාල වන අතර 1 kg ක් පමණ බරින් යුක්තය.පොකුණුවලදී වඩාත් නීරෝගීමත්ව වැඩේ.

ගප්පි(Guppy)


           වෙනිසියුලාව,බ්‍රසීලය,බාබඩෝස්,දකුණු ඇමෙරිකානු හා බටහිර ඉන්දීය දූපත් මොවුන්ගේ නිජබිම් ය.ගැහැනු මත්ස්‍යයා 2 cm ක් පමණ දිග වන අතර පිරිමි මත්ස්‍යයා 3 cm ක් පමණ දිගු වෙයි.දවස් 25 කට වරක් බැගින් ගැහැනු සතා ගැබ් ගනිති.ගැහැනු මත්ස්‍යයින්ගේ ගුද වරල ඉදිරියෙන් කළු තිතක් ඇත.පිරිමි සතා අලංකාරය.වැඩි වශයෙන් ඇති කෙරෙන්නේ ගප්පින්ගේ වේල් ටේල් නමැති මත්ස්‍ය ප්‍රභේදයයි.


ප්ලේටි(Platy)

          ප්ලේටි ගැහැනු මත්ස්‍යයා වරකට පැටවුන් සියයකට ආසන්න ප්‍රමාණයක් බිහිකරයි.ප්ලේටි තද රතු,කළු හා දුඹුරු තිත් සහිත ආදී පැහැයෙන් යුත් කුඩා සුරතල් මාළුවෙකි.

සීබ්‍රා(Zebra)


         සිහින් දිගැති සිරුරක් ඇති මෙම මත්ස්‍යයා කණ්ඩායම් වශයෙන් ජීවත් වීමට ප්‍රිය කරති.ශරීරය පුරා තද නිල් සහිත ඉරි දක්නට ලැබේ.බිත්තර මඟින් පැටවුන් බිහි කරයි.

සෝඩ් ටේල්(Sword tail)



                  මෙක්සිකෝව,ගෝතමාලාව මෙම මත්ස්‍යයින්ගේ නිජබිම්‍ ය.මෙම මාළුවා ප්‍රමාණයෙන් අඟල් 4.5 ක් පමණ වේ.පිරිමි මත්ස්‍යයා තරමක් කුඩාය.පිරිමි මත්ස්‍යයාගේ වරලේ කඩුවක් වැනි දිගු කොටසක් පිහිටා ඇත.විවිධ වර්ණ වලින් යුක්ත මෙම මත්ස්‍යයන් අතර වර්ණ දෙකකින් යුත් මත්ස්‍යයන් ද දැකිය හැකිය.ඔවුහු සර්ව භක්ෂකයෝය.ගැහැනු මත්ස්‍යයා වරකට පැටවුන් 200 ක් පමණ ප්‍රමාණයක් බිහි කරයි.

මොලී(Molly)


       වර්ණ කිහිපයකින් යුත් මත්ස්‍යයෝ වෙති.කළු සුදු රන්වන් පාට වලින් යුක්ත මත්ස්‍යයන් තුන් වර්ගයක් බහුලව දැකිය හැකිය.මෙක්සිකෝව මොවුන්ගේ නිජබිමය.මේ මත්ස්‍යයන්ගේ ශරීරය පුරා සිහින් කොරල දැකිය හැක.ශාක භක්ෂකයන් වන මොවුහු සීතල ජලයට වඩා ඌෂ්ණ ජලයට ප්‍රිය කරති.

සික්ලිඩ්(Cichlids)


             අඟල් 3-4 පමණ දිගින් හා අඟල් 3-4 පමණ පළලටද මෙම වර්ගය වැඩේ.නිතරම සැඟවී සිටීමට උත්සහ දරන මෙම මාළු විශේෂය නොයෙක් වර්ණ වලින් යුක්තයි.

තිලාපියා(Thilapiya)


             මොවුහු පොකුණුවල ජීවත් වීමට වැඩියෙන්ම ප්‍රිය කරති.විශාලව වැඩෙති.මෙම රෝස හා බොර පැහැගත් මෙම මත්ස්‍යයන් පැටවු බිහිවූ පසුව ඔවුන් මුව තුළ තබා රැකගනී.

ෆයිටර්(Fighter)


              තායිලන්තය හා වියට්නාමය නිජබිම කරගත් මෙම මත්ස්‍යයන් වැඩිදෙනෙක් කොළ පැහැතිය.පිරිමි සතාගේ විහිදුණු වරල් ඇත.නිල්,රතු,කහ යන වර්ණයන්ගෙන් යුත් මත්ස්‍යයෝද වෙති.පිරිමි මත්ස්‍යයා පෙණවලින් වතුර මත කූඩුවක් සාදයි.ගැහැනු සතා එහි බිත්තර දමයි.ගැහැනු සතාගෙන් බිත්තර ආරක්ෂා කරන්නේද පිරිමි සතාය.පිරිමි සතුන් දෙදෙනෙකු එක් වූ විට ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරේ.මේ හේතුව නිසාම ඔවුනට ෆයිටර් යන නම යෙදුනත් ඔවුහු අනෙක් විශේෂ සමඟ මිත්‍රශීලීව වාසය කරති.

ටෙට්‍රාස්(Tetra)


          රංචු වශයෙන් සිටින විට ඉතා අලංකාර මාළු විශේෂයකි.රතු හා නිල් වැනි වර්ණවලින් යුක්ත මෙම මාළු රංචු වශයෙන් හැසිරීමට වඩාත් ප්‍රිය කරති.

ගුරාමි(Gourami)



      මලයාසියාව,ඉන්දියාව ඔවුන්ගේ නිජබිමය.ගුරාමියා සර්වභක්ෂක සතෙකි.මොවුන් වර්ග කිහිපයක් දැකගත හැකිය.
එනම්,
• ජයන්ට් ගුරාමි(Giant Gourami)
• ඩිවොෆ් ගුරාමි(Dwaf Gourami)
• හනි ගුරාමි(Honey Gourami)
• කිසින් ගුරාමි(Kissing Gourami) 
• පර්ල් ගුරාමි(Pearl Gourami)
• තුන් තිත් ගුරාමි(Three Spot Gourami) 
• නිල් ගුරාමි(Blue Gourami)
එනමුත් මෙම වර්ගවලින් ඉතා ජනප්‍රියව ඇත්තේ පර්ල් හා නිල් ගුරාමි යන වර්ග 2 යි.

අරවානා(Arowana)


           දකුණු ඇමෙරිකාව නිජබිම කොටගත් මෙම මත්ස්‍යයෝ නොගැඹුරු  දියෙහි ජීවත්වීමට ප්‍රිය කරයි.විශාලව වැඩෙන මත්ස්‍යයෙකි.මාංශ භක්ෂක සතෙකු වන අරවානාගේ ගැහැනු සතා බිත්තර මුඛයේ තබාගෙන රකියි.


සංස්කරණය : තාරක ඩී. බෝගහවත්තගේ 

මූලාශ්‍රය : විජය පුවත්පත(2011.11.01)


දැනුම් තීරුව

~ දැනුමට යමක් ~

සංචාරක කුරුල්ලන් අතරින් වැඩිම දුරක් ගෙවා එන්නේ මුහුදු ලිහිණියන්‍ ය.ඒ අතරිනුත් උත්තර ධ්‍රැව මුහුදු ලිහිණියා වසරකට කිලෝමීටර් 15,000 කට අධික දුරක් ගෙවා යමින් අපේක්ෂිත භූමි කරා පියඹා යයි.

~ දැනුමට පැනයක් ~

ලංකාවට ආවේණික මත්ස්‍ය විශේෂ 2 ක් නම් කරන්න ?





Comments

Popular posts from this blog

ලොව වෙසෙන මුවන් - සත්ත්ව ලෝකයේ විවිධත්වය 01

නකල්ස් කඳුවැටිය-සුන්දර ශ්‍රී ලංකා 01