ටියුෂන් ගුරුවරයෙකුගේ නොදකින පැතිකඩ
අද ගොඩාක් දෙනා කතා වෙන මාතෘකා අතුරින් ලොකුම මාතෘකාවක් තමා ටියුශන් ගුරුවරයෙකුගේ මාසික ආදායම..
දරුවෙක්ගෙ දෙමව්පියෙක් උනත් හිතන්න පුලුවන් එක ළමයෙක්ගෙන් 1000 ගානෙ ළමයි 100ක්ගෙන් කීයක්ද කියල...ඔව් ලොකු ගානක්..
ගොඩක් අය දකින්නෙ වාහනෙන් ආව පන්තියට ගිහින් පැය 4ක් හෝ 6ක් ඉගැන්නුවා..වාහනේ නැග්ගා..ගෙදර යන ටික විතරයි...ගොඩක් අය නොදකින පැත්තෙ තමයි කටුක අත්දැකීම් සියල්ලම තියෙන්නෙ..
ටියුශන් වලට ගොඩාක් ගුරුවරු එකතුවෙන්නේ තරුණ වයසෙදිමයි.ඉතින් ලොකු අභියෝගයක්..
විශාල කැපකිරීමක් කරන්න වෙනවා.මුල් කාලයේදි එසේ නොදැනුනත් පැවැත්ම තහවුරු කරගැනීමට සහ ගුණාත්මක භාවය රැකගැනීමට ඉහළ කැපකිරීමක් කරන්න වෙනව.ඒ කැප කිරීම් කරන අය පසු කලෙක සල්ලි කාරයෙක් වෙයි. ඒත් ඊට කලින් කවුරුත් නොහිතන අඳුරු ජීවිත කාල පරිච්ඡේදයක් ඔවුනට උරුම වෙනවා..
Tute මුද්‍රණය කරන්න යන වියදම්,පිට කවර වලට වෙනම design වලට,Print කරලා පොතක් වගේ හදන්න,ආයතන ගාස්තු වගේ ගොඩක් වියදම් කරන්නත් වෙනව.මන් මේ අදහස් කරන්නෙ ලාභයක් නෑ කියල නෙමෙයි.සුලු ලාභයක් තියෙනව..
මුල් කාලෙදි පන්තියට එන්නෙ බස් එකෙන්..එහෙමත් නැත්තම් මෝටර්සයිකලේකින්..ඒවට පෙට්‍රල් වලට වියදම්,වැහි දවස් වලට විවිධ අපහසුතා ඇතිවෙනව..වැස්සේ තෙමුනම ලෙඩ වලට තව සල්ලි..එහෙම කට්ටක් කාල තමා මේ ගමන එන්නෙ...
ඒ වගේම පන්ති වලට සහභාගි වන ළමුන්ට free card ලබාදීල සත පහක්වත් අය නොකර ඒ ළමයින්ටත් අනිත් ළමයින්ට වගේම උගන්නන්නේ සල්ලිම නෙවේ ජීවිතය කියලා දන්න හින්දා..
උන්වත් කැම්පස් යන ගොඩටම තල්ලු කරන්න ඕනි නිසා...ගෙදර යද්දී සමහර දවසට උගුර තුවාල වෙලා ලේ රහ වෙනකම් කෑගහල උගන්නල..
ඒ ගෙදර ගිහිනුත් නිදහසේ ඉන්න වෙලාවක් නෑ..Tute හදන්න ඕනි,Paper හදන්න ඕනි,ඊලග දවසෙ උගන්නන්න තියෙන පාඩම බලාගන්න ඕනි..ඊට අමතරව ළමයින්ට තියෙන විෂය ප්‍රශ්න වලට උත්තර දෙන්නත් වෙලාවක් වෙන් කරගන්න වෙනවා..ගන්න මුදලම නෙවේ ගුරුවරු කරන කැපකිරීම් ගැනත් සොයන්න..
මොකද අතින් වියදම් කරගෙන උගන්වන ටියුශන් කාරයෝ ගොඩාක් ඉන්නවා මේ පුංචි රටෙත්...
අදහස් : රසායන විද්‍යා ආචාර්ය පුෂ්පනාථ බණ්ඩාර
Comments
Post a Comment