ස්ත්‍රී පුරුෂ සමාජභාවය නායකයත්වයට බලපාන්නේ කෙසේද...?

                          තරුණ ගැහැනු ළමයින් තම ස්ත්‍රීත්වය හේතු කොටගෙන සමාජයෙන්‍ විශාල ලෙස අසාධාරණකම්වලට ගොදුරු වනවා.මීට අමතරව නායකත්වයට පත්වීමට සුදුසුකම් පැවතියත් ගැහැනු ළමයින්ට තම ගැහැනුකම හේතු කොටගෙන ඒ නායකත්වය පවා අහිමි වන බව නවතම අධ්‍යයනයක් පෙන්වා දෙනවා.මේ අධ්‍යයනය සිදුකර ඇත්තේ හාවඩ් විශ්ව විද්‍යාලයයේ Richard Weissbourd ඇතුලු පිරිසයි.

ඔහු තම අධ්‍යයනය මඟින් පෙන්වා දුන්නේ තරුණ ගැහැනු ළමයින් නායකත්වයට පත්වීම වැළැක්වීමට පිරිමින් පමණක් නොව ගැහැනුන් ද බාධක ලෙස ක්‍රියා කරන බවයි.

ස්ත්‍රී පුරුෂ සමාජභාවය හේතු කොටගෙන අසාධාරණකම්වලට ලක් නොවිය යුතු බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් ප්‍රඥාප්තිය මඟින් ද ප්‍රකාශයට පත් කරනු ලැබ තිබෙනවා.එසේම එය ළමා ප්‍රඥාප්ති‍යේ ද සඳහන් වනවා.

එහෙත් දිගින් දිගටම ස්ත්‍රීන්ට මෙන්ම දැරියන්ට හා යෞවනියන්ටත් තම ලිංගිකත්වය(සමාජභාවය) හේතුකොටගෙන ගැටලු මතු වෙනවා.Weissbourd ඇතුලු පර්‍යේෂකයන් තම අධ්‍යයනය සඳහා තරුණ සිසු සිසුවියන් 20,000 ක ගෙන් හා මවුපියන් විශාල පිරිසකගෙන් තොරතුරු ලබාගත්තා.සිසු සිසුවියන් තෝරාගෙන තිබුණේ විවිධත්වය නියෝජනය වන පරිදි විවිධ ප්‍රාන්ත රැසකට අයත් පාසල් 59කින්.එහිදී එම සිසු සිසුවියන් ප්‍රශ්නාවලියක් ලබා දී තිබුණා.

එම ප්‍රශ්නාවලියේ  දී විමසා තිබුණේ ගැහැනු ළමයෙකුට දේශපාලනික,සමාජයීය,ව්‍යාපාරික,සංස්කෘතික හෝ ආගමික ව්‍යාපෘතියක නායකත්වය ලබා දෙනවාට කැමතිද කියායි.එහිදී පිරිමි ළමයින්ගෙන්  40%ක් කියා සිටියේ තමන් ගැහැනු ළමයෙකුට නායකත්වය හිමි වනවාට අකමැති බවයි.56%ක්ම තමන්ට නිශ්චිත පිළිතුරක් දීමට නොහැකි බව කියා තිබුණා.ගැහැණු ළමයෙකුට නායකත්වය හිමිවීම තම කැමැත්ත බව කියා සිටියේ 4%ක් පමණි.තෝරාගැනීමක් කළ අය පමණක් සලකද්දී එය සියයට දහසක ප්‍රතිශතයකින් යෞවනියන්ට අකමැත්ත පළ කිරීමක්.

සමීක්ෂණයට සහභාගි වූ ගැහැනු ළමයින්ගෙන් 69%ක් තරුණ ගැහැනු ළමයෙකුට නායකත්වය දිය යුතු ද නොයුතු ද යන්න ගැන තීරණයට එළැඹෙන්නට අපහසු බව කියා සිටියා.23%ක් තරුණ ගැහැනු ළමයින්ට  නායකත්වය නොදිය යුතු බව පවසා තිබුණා.ගැහැනු ළමයෙකුගේ නායකත්වයට කැමැත්ත පළ කර තිබුනේ 8%ක් පමණයි.මෙසේ බලන විට ගැහැනු ළමයෙකුට සාධාරණය ඉටු වනවාට ගැහැනු ළමයින්ගෙන් ම 92%ක් අකමැති බව පෙනී යනවා.ස්ත්‍රී පුරුෂ සමාජභාවයට අදාළ ගැටලු මතුවන්නේ පුරුෂයන් ගෙන් ස්ත්‍රීන්ට සිදු වන අසාධාරණකම් නිසා පමණක් ය යන මතය මෙමඟින් බිඳහෙළන බවයි පර්‍යේෂකයන් පෙන්වා දෙන්නේ.එනිසා මෙය ස්ත්‍රී පුරුෂ සමාජභාවයට අදාළ මතවාද පවා ප්‍රශ්න කිරීමකට ලක් කරවන අනාවරණයක්.

ස්ත්‍රී පුරුෂ සමාජභාවය යනු සරලව කෙනෙකු අයත්වන ජෛව විද්‍යාත්මක ලිංගිකත්වයයි.එනම් පිරිමි ද ගැහැනු ද යන බවයි.ස්ත්‍රී පුරුෂ සමාජභාවය යන වදන ඉංග්‍රීසි Gender යන්නෙන් ව්‍යුත්පන්න වුවද සිංහල යෙදුම තුළ Gender වන අර්ථය පූර්ණ ලෙස ගැබ් වනවා ද යන්න ගැටලුවක්.මන්ද යත් Gender නමැති වදන තුළ ස්ත්‍රීන්‍ට පුරුෂයන්ට මෙන්ම උභයලිංගිකයන්ට ස්ථානයක් පවතිනවා.එහෙත් සිංහල යෙදුමේ කියැවෙන්නේ ස්ත්‍රීන් හා පුරුෂයන් ගැන පමණයි.••••


Copied

Comments

Post a Comment

Popular posts from this blog

ලොව වෙසෙන මුවන් - සත්ත්ව ලෝකයේ විවිධත්වය 01

විසිතුරු මසුන්

රතු ඉන්දියානුවෝ