ශ්‍රී ලංකාවේ ආවේණික පක්ෂීන් 04

16.රතු දෙමලිච්චා-Ceylon Rufous Babbler(Orange-billed Babbler)
      විද්‍යාත්මක නාමය : Turdoides rufescens

                         පහතරට තෙත් කලාපයේත්,කඳුකරයේත් විශාල වනාන්තර වල පමණක් දක්නට ලැබේ.ශරීර ප්‍රමාණය අනුව පොල්කිච්චාට සමානයි.ආහාර ගනිමින් විපරම් කරමින් වනය පීරා ගමන් කරයි.නිසලව සිටින විට නිහඬ වුවදා ආහාර සොයන විට තදින් නාද කරයි.කෘමීන් ආහාරයට ගනී.කෝටු සහ කොළ අසුරා නොගැඹුරු හා පළල් කොපුවක් හැඩයට කූඩුව තනයි.අගෝස්තු-සැප්තැම්බර් කාලයේ බිත්තර දමයි.

17.ගුරු කොණ්ඩයා-Yellow-eared Bulbul

      විද්‍යාත්මක නාමය : Pycnonotus penicillatus

                                             ඉහළ කඳුකරයේ පමණක් වෙසේ.කොළ මිශ්‍ර කහ පැහැති සිරුරකින් යුක්තයි.සුලබව දක්නට ලැබේ.කුඩා රංචු ලෙස වන ලැහැබවල හා ගෙවල් ආශ්‍රිතව හැසිරේ.ඝන වන ලැහැබවලින් හඬ නගා පිටවේ.බොහෝ විට යුවල වශයෙන් හෝ රංචු වශයෙන් දැකිය හැකිය.ගසක අත්තක වූ කරුවක පාසි සහ මුල් කැබලි රැස් කොට කෝප්පයක් වැනි කූඩුවක් තනයි.පෙබරවාරි-මැයි,අගෝස්තු-ඔක්තෝබර් අතර කාලයේ බිත්තර දමයි.

18.මූකලන් සැලළිහිණියා-Sri Lanka Hill Mynah
      විද්‍යාත්මක නාමය : Grcula ptilogenys

                                      පහතරට තෙත් කලාපයේ වැසි වනාන්තරවල සහ කඳුකරයේ වනාන්තරවල දක්නට ලැබේ.බොහෝ විට යුවල වශයෙන් හැසිරේ.ආහාර බහුල නුග,බෝ,සපු ආදී ගස් මත රංචු ලෙස වෙසෙයි.සුරතලයට ඇති කළද එය නීතියෙන් තහනම් ය.කැලෑවල උඩු වියනට ඉහළින් පියාඹයි.උඩු වියනේ ගැවසේ.දුරට ඇහෙන සේ තියුණු හඬින් නාද කරයි.තණ රොඬු,කොළ සහ කෙඳි යොදා ගස් බෙනයක කූඩුව තනයි.පෙබරවාරි-මැයි,අගෝස්තු-සැප්තැම්බර් අතර කාලයේ බිත්තර දමයි.වඳවී යාමේ තර්ජනයට ලක්වී ඇති පක්ෂියෙකි.

19.ගෝමර වල් අවිච්චියා-Sri Lanka Scaly Thrush
      විද්‍යාත්මක නාමය : Zoothera dauma

                                        මුහුදු මට්ටමේ සිට මීටර් 1500ට අතර දක්වා ප්‍රදේශයේ වසය කරයි.ඉතාමත් දුලභ පක්ෂියෙකි.පොළොව පීරා ආහාර සොයයි.ශ්‍රී ලංකා තිත්පිය තිරාසිකයාට බොහෝ දුරට සමානයි.ගැඹුරු කෙටි නාදයකින් නද දෙයි.
         කෙඳි,රොඩු,පර්ණාංග එක්කොට කෝප්පයක් වැනි කූඩුවක් තනයි.මාර්තු-අප්‍රේල්,අගෝස්තු-සැප්තැම්බර් අතර කාලයේ බිත්තර දමයි.

20.කඳු හම්බුකුරුල්ලා-Sri Lanka Bush Warbler(Ceylon Warbler)
      විද්‍යාත්මක නාමය : Bradypterus palliseri

                                         විශාලත්වයෙන් ගේ කුරුලකුගේ ශරීර ප්‍රමාණයට සමාන ය.අඩි 3000ට වඩා උස් කඳුකරයේ වනාන්තරවල යටි වියනේ දක්නට ලැබෙන කුරුල්ලෙකි.එනමුත් ඉතා දුර්ලභ ය.යුවල ලෙසින් නොඋස් පඳුරුවල  ආහාර සොයා සැරිසරයි.මීයෙකුගේ කෑගැසීමට සමාන හඬකින් නාද කරයි.පොළොවට ළංව පඳුරක කොළරොඩු,කෙඳි  හා පාසි එක්කර ගැඹුරු කූඩුවක් තනයි.පෙබරවාරි-මැයි,සැප්තැම්බර් කාලයේ බිත්තර දමයි.

Comments

Popular posts from this blog

ලොව වෙසෙන මුවන් - සත්ත්ව ලෝකයේ විවිධත්වය 01

විසිතුරු මසුන්

රතු ඉන්දියානුවෝ