ශ්‍රී ලංකාවට ආවේණික පක්ෂීන් 03
11.වළි කුකුළා-Sri Lanka Jungle Foul
විද්‍යාත්මක නාමය : Gallus lafayettii
වළි කුකුළාගේ දේහ දිග සාමාන්‍යයෙන් 70 cm ක් පමණ වේ.ප්‍රමාණයෙන් කුඩා වුවත් ප්‍රචණ්ඩකාරී පක්ෂියෙකි.ගම් කුකුළු වර්ගයට අයත් වන මේ වළි කුකුළන් නිතරම සටනට සූදානම් ස්වභාවයක් පෙන්වයි.පොදුවේ සෑම ප්‍රදේශයක ම දැකිය හැකි වුවත් වියළි කලාපයේ වනගත පෙදෙස්වල බහුලව වාසය කරයි.ආහාර ලෙස ධාන්‍ය වර්ග,තෘණ වර්ග,බීජ වර්ග,විවිධ ඇට සහ මද වර්ග,විවිධ යුෂ සහිත ශාක පත්‍ර වර්ග ආදිය මෙන්ම වේයන් වැනි කුඩා කෘමි සතුන් ද ආහාර ලෙස ගනු ලබයි.
12.පිට රතු බටගොයා-Ceylon Green Pigeon
විද්‍යාත්මක නාමය : Treron pompadora
ශ්‍රී ලංකාවේ උසම කඳුකරයේ හැරෙන්නට සියලුම ප්‍රදේශවල දක්නට ලැබේ.ජෝඩු වශයෙන් හෝ රංචු වශයෙන් වෙසේ.කුරුල්ලාගේ පෘෂ්ඨීය ප්‍රදේශය දම් මිශ්‍රිත රතු පැහැයක් ගනී.කිරිල්ලියගේ පෘෂ්ඨීය ප්‍රදේශය කොළ පැහැතිය.ශරීර වර්ණයෙන් කුරුල්ලා හා කිරිල්ලිය පහසුවෙන් වෙන්කර හඳුනාගත හැකිය.ප්‍රධාන ආහාරය වන්නේ කුඩා ගෙඩි වර්ගයි.ගස්වල ඵල හටගන්නා කාලයට රංචු වශයෙන් සැරිසරයි.බොහෝ විට තුරු මුදුන් වල කොළ අතර ගැවසේ.වියළි කාලයේ දී දිය බීමට දියකඩිති අසලට පැමිණේ.ගසක කොළ අතු වලින් සැඟවුණු ස්ථානයක කූඩු සාදයි.
13.මූකළන් බස්සා-Chestnut-Backed Owlet
විද්‍යාත්මක නාමය : Glaucidium castanontum
තෙත් කලාපීය වනාන්තරවල සහ අඩි 6500 දක්වා උස කඳුකර ප්‍රදේශවල දැකිය හැකිය.ප්‍රධාන වශයෙන් කැළෑ ආශ්‍රිතව ජීවත් වෙයි.කුරුල්ලාගේ පිට ප්‍රදේශය හා අත්තටු වල උඩ කොටස රතු මිශ්‍ර දුඹුරු පැහැයක් ගනී.පපුව හා බඩවත සුදු පැහැ පිහාටුවලින් සැරසී ඇත.ඒ මත හරස් අතට හා දික් අතට ඉරි වැටී ඇත.දැකීමට අසීරු පක්ෂියෙකි.නාදය අනුව කුරුල්ලා ගැවසෙන ස්ථානය සොයාගත හැකිය.දහවල් කාලයේදී ගොදුරු සොයමින් සැරිසරයි.ආහරයට ගන්නේ කුරුමිණියන්,මීයන්,කටුස්සන් හා කුඩා පක්ෂීන් ය.බෝවීම සිදුවන්නේ මාර්තු-මැයි කාලවලදීය.ගස් බෙනයක බිත්තර දමයි.ඒවා දිලිසෙන සුදු පැහැයෙන් යුක්ත ය.වඳවී යාමේ තර්ජනයට ලක් වී ඇති පක්ෂියෙකි.
14.අරංගයා-Ceylon Whistling Thrush
විද්‍යාත්මක නාමය : Myiophoneus blighi
ඉහළ කඳුකර වනාන්තරවල පමණක් ජීවත් වන දුර්ලභ පක්ෂියෙකි.කුලෑටි ගති නිසා දැකීමට ඉතා අසීරුය.ශරීර ප්‍රමාණයෙන් මයිනෙකුට වඩා මදක් කුඩාය.කළු පැහැයෙන් යුක්ත කුරුල්ලාගේ උරහිස ප්‍රදේශයේ නිල් පැහැති පුල්ලියකි.කිරිල්ලිය දුඹුරු පාට ය.උදර ප්‍රදේශය ලා දුඹුරු ය.දෙදෙනාගේම හොට හා පාද කළු ය.ප්‍රධාන වශයෙන් ආහාරය ගන්නේ කෘමි සතුන් ය.ගෙම්බන්,හූනන් හා කටුසු පැටවුන් ද ගොදුරු කරගනී.පෙඳ පාසි,කුඩා කෝටු හා වියළි කොළ එක්තැන් කොට තනන කූඩුව කෝප්පයක හැඩයක් ගනී.ගලායන දිය පහර අසල ගල් පැළුමක හෝ කණ්ඩියක කූඩුව සාදයි.වරකට බිත්තර 1-2ක් පමණක් දමයි.ඒවා ලා කොළ පැහැතිය.වඳවී යාමේ තර්ජනයට ලක් වූ පක්ෂියෙකි.
15.පුල්ලි වල් අවිච්චියා-Spotted-Winged Thrush
විද්‍යාත්මක නාමය : Zoothera spiloptera
වනාන්තරවල පමණක් ජීවත් වෙයි.තෙත් කලාපයේ වනාන්තරවලත්,අඩි 7000 පමණ උස් කඳුකරයේ ත් දක්නට පුළුවනි.ඇතැම් විට වියළි කලාපීය වනාන්තරවල ද කුඩා ගහන වශයෙන් වෙසෙති.ශ්‍රී ලංකාවේ සිටින ඉතාම මිහිරි නාදයක් ඇති පක්ෂියෙකි.කෘමීන්,පණුවන් හා පලතුරු ආහාරයට ගනී.වනයේ කුඩා ගස් දෙබලක හෝ මීවන පැළෑටියක කූඩුව සාදයි.එය කෝප්පයක හැඩයක් ගනී.එහෙත් වියළි කොළ රාශියක් කූඩුව අවට තැබීම නිසා කූඩුව හඳුනාගැනීමට අපහසුය.කිරිල්ලිය වරකට බිත්තර 2ක් දමයි.ඒවා ලා දුඹුරු හෝ ලා කොළ පැහැතිය.රතු දුඹුරු පැල්ලම් වලින් වැසී ඇත.වඳවී යාමේ තර්ජනයට ලක්වී ඇති පක්ෂියෙකි.
*සංස්කරණය : තාරක ඩී. බෝගහවත්තගේ*
*ඡායාරූප google හරහා ලබා ගන්නා ලදී.*

වනාන්තර මායිම් ප්‍රදේශවල වළි කුකුළන් දැකිය හැකිය.ගසක් මුල හෝ කඳක් අසල කොළරොඩු,කෝටු කැබලි ආදියෙන් සකස් කරගන්නා කැදලි තුළ වරකට බිත්තර 2-5ක් දමයි.ඒවා ක්‍රීම් පාටට හුරු සුදු පැහැයක් ගනී.බිත්තරයක දිග සාමාන්‍යයෙන් 48.35 mm පමණ වේ.

💗
ReplyDelete❤️
Delete