දැනට ඉතිරිව සිටින පැරණි ගෝත්‍රිකයෝ 02

බුෂ්මන්වරු(Bushman)



                 දකුණු අප්‍රිකාවේ කලහාරි කාන්තාරයේ,බොට්ස්වානා හා නැම්බියා යන රටවලද සමූහ වශයෙන් ජීවත්වන ජන කණ්ඩායමකි.මොවුන් ද සංචාරක එඬේරුන් ය.වන ද්‍රව්‍ය එකතු කරමින් ජීවත්වන මොවුහු 25-35 අතර පිරිසකගෙන් සමන්විත කණ්ඩායම් වශයෙන් සංචාරය කරති.බුෂ්මන්වරුන්ගේ ප්‍රධාන ආයුධය වන්නේ දුනු සහ ඊතලය.දඩයම් කරන අතර බුෂ්මන්වරු අල,ගෙඩි වර්ග ද ආහාරයට ගනිති.දැනට බුෂ්මන්වරු 90,000ක් පමණ ජීවත් වෙති.

පිග්මිවරු(Pygmy)



             පිග්මිවරු ජීවත් වන්නේ උණුසුම් දේශගුණයක් පවතින අප්‍රිකාවේ වැසි වනාන්තරවල ය.ප්‍රමාණයෙන් කුඩා සිරුරක් ඇති පිග්මිවරු දඩයම් කරමින් ආහාර සොයා ගනිති.ඒ වගේම අල,ගෙඩි,මුල් වැනි ශාක ද්‍රව්‍යයත් මී පැණිත් ආහාර වේ.මොවුහු එක් තැනක සති කිහිපයක් සිට නැවත් වෙනත් ප්‍රදේශයකට යමින් ජීවත් වෙති.

නිව්ගිනියාවේ ඩානිවරු(Dani) 



        ඩානිවරු වෙසෙන්නේ බටහිර නිව්ගිනියාවේ මධ්‍යම කඳුකරයේ ය.ඩානිවරුන්ගේ ආහාර අතර බතල විශේෂ වේ.මොවුන් ඌරන් ඇතිකරන අතර හුවමාරු කර ගැනීමටත්,ආහාර ලෙසටත් ඇති කරනු ලබයි.කැළෑ පලා,කෙසෙල්,ඉරිඟු,උක් වගා කෙරේ.ඩානි පිරිමි ගෙවල් සෑදීම,කුඹුරු අස්වැද්දීම,සටන් කිරීම වැනි කය වෙහෙසෙන වැඩ කරති.ඩානි ගැහැනුන් පැළ සිටුවීම,අස්වැන්න නෙළීම,ආහාර පිසීම,ඌරන් බලාගැනීම සිදු කරන අතර ළමයින් රැකබලා ගැනීම ද සිදු කරනු ලබයි.2009 වසර වන විට ඩානිවරු 25,000ක් පමණ ජීවත් වූ බව වාර්තා වේ.

රතු ඉන්දියානුවෝ(American indians)



           ඇමෙරිකානු ආදිවාසීන් අතර රතු ඉන්දියානුවන් ඉතා ප්‍රසිද්ධ ය.ක්‍රිස්ටෝපර් කොලොම්බස් බටහිර දේශ සංචාරයේ යෙදෙන විට ඉන්දියානු ස්වරූපය ඇති ජන කොට්ඨාසයක් හමු වූ අතර ඔවුන් ඉන්දියානුවන් ලෙස නම්කර තිබේ.උතුරු ඇමෙරිකාවේ මුලින්ම ජීවත් වූවන්  ලෙස මොවුන් හඳුන්වයි.සිරුරු සහ මුහුණ රතු පැහැයෙන් වර්ණ ගන්වයි.මොවුන් තිරිඟු වගාවෙන් ජීවිකාව ගෙන යන අතර ස්වභාවධර්මය දේවත්වයෙන් සලකනු ලබන ජන කොටසකි.රතු ඉන්දියානුවරු අතීතයේදී මිලියන 100ක් පමණ ජීවත් වුවද වර්තමානයේදී මිලියන 2ක් පමණ ජීවත් වෙති.

කෙපෙලේවරු(Kpelle)



                  ලයිබීරියාවේ මධ්‍යම හා බටහිර ප්‍රදේශවල ඝර්ම කලාපීය වනාන්තරවල සහ ලඳු කැලෑවල කෙපෙලේවරු වාසය කරති.මොවුන්ගේ ප්‍රධාන ආහාරය බත්‍ ය.හේන් ගොවිතැන ජීවිකාව ලෙස සිදු කරති.

යාගන්වරු(Yaghan)



                යාගන්වරු ජීවත් වන්නේ දකුණු ඇමෙරිකාවේ ටියෙරා ඩෙල් හිටුගෝ දූපතේ දකුණු වෙරළබඩ ප්‍රදේශයේ පිහිටි කුඩා දූපතකය.මොවුන්ගේ ප්‍රධාන ආහාරය මත්ස්‍යයන්‍ ය.මොවුහු ගස්වල ගෙඩි වර්ග මෙන්ම ශාක දිලීර වර්ගත් ආහාර සඳහා සපයා ගනිති.මොවුන්ගේ නිවාසද ඉතා අපිළිවෙලකට සාදාගෙන ඇත්තේ කෝටු සහ ගස්වල පොතු භාවිත කරමිනි.

ඉන්කාවරු(Inka)



               දකුණු ඇමෙරිකාවේ අන්දීස් කඳුකරය ආශ්‍රිතව පැවති කුස්සෝ නගරය වටා ඉන්කා ශිෂ්ටාචාරය බිහිවී තිබේ.ඉන්කාවරුන් ජීවත් වන්නේ ගොවිතැන් කිරීමෙනි.ඉන්කාවරුන්ගේ ගමන් බිමන් පහස්‍ය්ව සඳහා ලාමා නම් සතුන් විශේෂය භාවිතා කරයි.ඉඟුරු හා වියළි ධාන්‍ය වර්ග වගා කරන අතර ඌරන් හා තාරාවන් ද ඇති කරයි.

බැසෙරිවරු(Basseri)



         ඉරානයේ දකුණු දිග ප්‍රදේශවල වෙසෙන එඬේරු වෙති.බැටළු,එළු,බූරු,ඔටු වැනි සත්ව වර්ග ඇතිකරති.බැසෙරිවරුන් නිශ්චිත ප්‍රදේශයන් තුළ සංක්‍රමණය වෙමින් ජීවත් වෙති.ඒ සඳහා ඔවුන්ට පාරිසරික හේතු බලපානු ඇත.මොවුහු ශීත කාලයේදී උණුසුම් තැනිතලා වලටත්,උණුසුම් කාලයේදී ශීත කඳුකරයටත් මාරු වෙති.මොවුන්ගේ සංක්‍රමණය වසරක් පාසා සිදුවේ.සතුන් විශාල වශයෙන් ඇතිකරන ජන කොට්ඨාසයකි.

ට්‍රෝබියන්වරු(Trobiand)



          ශාන්තිකර සාගරයේ ට්‍රෝබියන් දූපත්වල වෙසෙන ජන කොටසකි.මොවුහු ගෝත්‍රික ජන වර්ග අතුරින් දියුණු ලක්ෂණ ඇත්තෝය.ට්‍රෝබියන්වරුන්ගේ ජීවිකාව ධීවර කර්මාන්තයයි.

                                                               ~සමාප්තයි~

*සංස්කරණය : තාරක ඩී.බෝගහවත්තගේ 

*මූලාශ්‍රය : මිහිර පුවත්පත(2018.08.27)

Comments

Post a Comment

Popular posts from this blog

ලොව වෙසෙන මුවන් - සත්ත්ව ලෝකයේ විවිධත්වය 01

විසිතුරු මසුන්

රතු ඉන්දියානුවෝ