ශ්‍රී ලංකාවට ආවේණික පක්ෂීන් 02
06.ගිරා මලිත්තා-Ceylon lorikeet
විද්‍යාත්මක නාමය : Loriculus beryllinus
තෙත් කලාපයේ පහතරට සිට කඳුකරයේ අඩි 4000 දක්වා සුලභව සිටියි.වියළි කලාපයේ,කඳුකරයේ පාමුල හා ඒ ආසන්න ප්‍රදේශවල පමණක් දක්නට ලැබේ.වනයේ මෙන්ම ගම්බද ගෙවතු වල ද වෙසෙති.සිත්ගන්නා සුළු පෙනුමක් ඇති කුඩා ගිරවෙකි.කෙටි පෙඳයක් ඇත.දිගින් 14 cm ක් පමණ වේ.ගැහැනු සතා වර්ණවත් බවින් තරමක් අඩුය.පැටවුන්ගේ ශරීරය සම්පූර්ණයෙන්ම කොළ පැහැතිය.පලතුරු,මල් පැණි හා ධාන්‍ය වර්ග ද ආහාරයට ගනී.වසරේ මුල් කාලයේ බෝවීම සිදුවේ.ඇතැම් විට ජූලි-සැප්තැම්බර් කාලවල දී නැවතත් වර්ගයා බෝ කරයි.ගස් බෙනයක කූඩු තනයි.බිත්තර 2-3ක් පමණ වරකට දමයි.ඒවා ප්‍රමාණයෙන් කුඩාය.සුදු පැහැතිය.ගෝලාකාරය.
07.හබන් කුකුළා-Ceylon Spurfowl
විද්‍යාත්මක නාමය : Galloperdix bicalcarata
ශ්‍රී ලංකා හබන් කුකුළා 33 cm ක් පමණ දිගුවෙයි.ගැහැනු සත්ත්වයා ද ප්‍රමාණයෙන් ඒ හා සමාන වන අතර පැහැයෙන් දුඹුරු පැහැ වෙයි.කුකුළාගේ උදරය ඉදිරිපස පෙදෙසේ දිලිසෙන කුඩා පිහාටු ඇති අතර කළු පැහැය ද දැකිය හැකිය.පපු පෙදෙස අඳුරු පැහැතියි.මොවුන්ගේ හොඳින් වැඩුණු පොරකටු දැකිය හැකිය.වනාන්තරය තුළ වෙසෙන වනගත පක්ෂියෙක් වන හබන් කුකුළා ලැජ්ජාශීලී නමුත් ඉතා හොඳ සෝදිසියෙන් පසුවෙන හැසිරීම් රටාවක් පෙන්නුම් කරයි.ඒකාකාරී ලෙස මොවුන් හැඬලීම සිදු කරයි.එය කෙකර ගෑමකට සමාන වෙයි. පොළොවේ වාසය කරන මෙම පක්ෂීන් බීජ වර්ග,බිම වැටී ඇති ඇට වර්ග,කෘමි සතුන් ආහාර ලෙස ගනියි.මොවුන් පොළොවේ තරමක් උස ස්ථාන වල හෝ පඳුරු වැනි ස්ථාන වල කුඩා අතුරිකිලි,කොළරොඩු ආදී සුන්බුන් එකතු කර කැදලි තනයි.වරකට ක්‍රීම් පැහැයට හුරු දුඹුරු පැහැ බිත්තර 3ක් පමණ දමයි.ශ්‍රී ලංකාවේ සෑම ප්‍රදේශයකම වාගේ විසිරී වෙසෙන හබන් කුකුළා ප්‍රධාන ලෙස තෙත් කලාපයේ වනාන්තර වල දැකිය හැකිය.දුර්ලභ ගණයේ පක්ෂියෙකි.
08.ලංකා අඳුරු නිල් මැසිමාරාවා-Dusky-Blue Flycatcher
විද්‍යාත්මක නාමය : Eumiyas sordida
අඩි 3000ක් පමණ උස් කඳුකරයේ දක්නට ලැබෙන පක්ෂියෙකි.වනාන්තර අවට ලඳු කැළෑ සහ තුරුලතා ඇති ගෙවතු වල ද දැකිය හැකිය.ශරීරය අඳුරු නිල් පැහැයෙන් යුතුය.නළල ලා නිල් පැහැතිය.ශරීර ප්‍රමාණයෙන් ගේ කුරුල්ලෙකුගේ ශරීර ප්‍රමාණයට සමාන ය.කෘමීන්,පලතුරු හා ගඳපාන ආහාරයට ගනී.මීවන වර්ගයේ ශාක වලින් හා මුල්වලින් කෝප්පයක හැඩයට කූඩුව තනා ගනියි.වරකට බිත්තර 2-3ක් දමයි.ඒවා ලා රෝස පැහැයෙන් යුක්තය.වඳ වී යාමේ තර්ජනයට ලක්ව ඇති පක්ෂියෙකි.
09.ලංකා අළු කෑදැත්තා-Ceylon Grey Hornbill
විද්‍යාත්මක නාමය : Ocyceros gingalensis
අඩි 4000ට පහළ තෙත් කලාපීය හා වියළි කලාපීය වනාන්තර වල ජීවත් වේ.වියළි කලාපයේ ගෘහාශ්‍රිතව දැකිය හැකිය.විශාල ගස් බෙන ආශ්‍රිතව ජීවත් වේ.මොවුන්ගේ ප්‍රධාන ආහාරය පලතුරු ය.ඊට අමතරව කුඩා ගෙම්බන්,කටුස්සන් වැනි සතුන් ආහාරයට ගනී.විශාල දිගු හොටක් සහ දිගු පෙඳයක් ඇත.කළු කපුටෙකුගේ ශරීර ප්‍රමාණයට සමාන ය.කුරුල්ලාගේ හොට කහ පැහැතිය.කිරිල්ලියගේ හොට කළු පැහැතිය.අප්‍රේල්-අගෝස්තු කාලවල දී බෝවීම සිදුවේ.වරකට බිත්තර 1-3ක් පමණ දමයි.බිත්තර රකින කාලයේ දී කුරුල්ලා කිරිල්ලියට ආහාර ගෙන එයි.පොළොවේ සිට අඩි 15ක් පමණ උසින් පිහිටි ගස් බෙනයක් සුදු පැහැති බිත්තර දමයි.
10.මයිලගොයා-Ceylon Wood Pigeon
විද්‍යාත්මක නාමය : Columba torringtonii
මයිලගොයා කඳුකර ප්‍රදේශවල පමණක් දැකිය හැකි පක්ෂියෙකි.දිගින් 35 cm ක් පමණ වන අතර විශාලත්වයෙන් දේශීය පරවියෙකුට සමාන වෙයි.තරුණ පක්ෂීන් අඳුරු පැහැයට හුරු පැහැයකින් යුතු වන අතර දිගු වල්ගයක් තිබේ.හිසේ සිට පහළට බෙල්ලේ පැත්තක සුදු හා කළු පාට රටාවකට පියාපත් සැකසී තිබෙයි.මයිලගොයා වනගත ව වෙසෙන පක්ෂියෙකි.ගස් උඩ වාසය කරයි.ආහාර ලෙස වනාන්තරයේ පලතුරු,ඇට වර්ග සහ මද වර්ග ආහාරයට ගනී.කැළෑ කුරුඳු,පලතුරු සඳහා මොවුන් දැඩි රුචිකත්වයක් දක්වයි.මයිලගොයාගේ කැදැල්ල පරවියාගේ මෙන් අක්‍රමවත් ය.වනයේ අඩි 15-20 ක් උස ගස්වල උඩු වියන් වල කුඩා අතු රිකිලි,කෝටු කැබලි වලින් තනනු ලබන කූඩු වෙයි.වරකට සුදු පාට එක බිත්තරයක් දමන බව වාර්තා වේ.ආහාර බහුල ප්‍රදේශවල රංචු ලෙස හැසිරෙයි.බිත්තර දැමීම සඳහා ප්‍රධාන ලෙස කඳුකර පෙදෙස් තෝරා ගනී.මයිලගොයා දුර්ලභ ගණයේ පක්ෂියෙකි.
*සංස්කරණය : තාරක ඩී. බෝගහවත්තගේ*
*ඡායාරූප google හරහා ලබා ගන්නා ලදී.*

💗
ReplyDelete❤️
Delete