දැනට ඉතිරිව සිටින පැරණි ගෝත්‍රිකයෝ 01
ඉන්දියාවේ තෝඩාවරු(Toda)
*සංස්කරණය : තාරක ඩී.බෝගහවත්තගේ
*මූලාශ්‍රය : මිහිර පුවත්පත(2018.08.27)
ඉන්දියාවේ නිල්ගිරි කඳු ප්‍රදේශයේ ජීවත් වන මොවුන් හුදෙකලා කුඩා ජන කණ්ඩායමකි.තෝඩාවරුන්ගේ නිවාස ඉතා කුඩා වන අතර ඒවා සාදන්නේ උණ කෝටු වලිනි.වහලය සෙවිලි කරන්නට තණකොළ හා පිදුරු යොදාගනී.කන්නඩ හා තෙලිඟු භාෂා මිශ්‍ර වීමෙන් සෑදුනු වහරක් පවතී.මොවුන්ගේ ජීවිකාව එඬේර කර්මාන්තයයි.වර්තමානයේ තෝඩාවරු 1,000ක් පමණ ජීවත් වෙති.
නූර්වරු(Nuer)
සහරා කාන්තාරයේ දකුණු මායිමෙන් ඇරඹී නැගෙනහිර අප්‍රිකාවට විහිදී යන තණබිම්වලින් සෑදුණු බිම් තීරයක නූවර්වරු වාසය කරති.එඬේර පාලනයට,බඩඉරිඟු වගාවට නූර්වරු දක්ෂයෝ වෙති.
ඕස්ට්‍රේලියාවේ ඇබොරිජින්වරු(Aborijin)
ඕස්ට්‍රේලියාව,තස්මේනියාව වැනි රටවල් වාස භූමි කරගෙන සිටින මොවුහු දඩයම් නොකරති.කිසිවක් නොමැති ජලය හිඟ ප්‍රදේශවල ජීවත් වන අතර අහුලාගෙන කන පිරිසකි.ඔවුන්ට අවශ්‍ය කරන වනයේ තිබෙන ද්‍රව්‍ය එකතු කිරීම,දර සෙවීම හා ආහාර පිළියෙල කිරීම කාන්තාවන් අතින් ඉටුකරන කාර්යයන් ය.
අරුන්ටාවරු(Arunta/Aranda)
ඕස්ට්‍රේලියා මහද්වීපයේ මධ්‍යම භාගයෙහි මැකුම්බා ගඟේ සිට කැක්ඩොනල්ඩ් කඳුවැටි දක්වා විහිදෙන ප්‍රදේශයක අරුන්ටාවරු වාසය කරති.ආහාර සපයාගන්නේ වනයෙන් සහ දඩයම් කිරීමෙනි.අරුන්ටා ගෝත්‍රයේ පිරිමින් විසින් කැන්ගරු,එමු හා කුරුලු දඩයම් කරන අතර සතුන්ගේ බිත්තර හා ගොළුබෙල්ලන්,කුරුමිණියන්,පැණි කුහුඹුවන්,තණකොළ පෙත්තන් සෙවීම කාන්තාවන්ගේ රාජකාරියකි.ශරීරයේ ආලේප කිරීමට සහ නිවාස තැනීමට පස් වර්ග සෙවීම,ගස්වල මුල් එකතු කිරීම අරුන්ටා ළමුන්ගේ කාර්ය්යකි.මොවුන්ගේ වාසස්ථාන ලී දඬු,තණකොළ හා මැටිවලින් සාදා ගනිති.අරුන්ටාවරු දුඹුරු පැහැයෙන් යුක්තය.
යරහමඩ්සායිවරු(Yarahmadzai)
දකුණු දිග ඉරානය අසල බලුකිස්තානයේ කර්කෂක දේශගුණයක ජීවත්වන යරහමඩ්සායිවරු සෘතු අනුව සංක්‍රමණය වෙති.සීත කාලයේදී මොවුහු කූඩාරම් 5-20 ප්‍රමාණයක් සකස් කරගෙන ඒ තුළ ජීවත් වෙති.සංක්‍රමණය වීමේදී ඒ ඒ ප්‍රදේශවලින් සපයා ගන්නා ආහාර මත යැපෙති.වර්තමානයේ යරහමඩ්සායිවරු 30,000ක් පමණ ජීවත් වෙති.
ගුරුරුම්බාවරු(Gururumba)

ගුරුරුම්බාවරු නිව්ගිනියාවේ ඉහළ අසාරෝ මිටියාවතේ වතුවල ජීවත් වෙති.ඔවුන් සීමාවකින් කොටුවුණු භූමි ප්‍රදේශයක පවුල් කිහිපයක් එක්ව වාසය කරති.ගුරුරුම්බා පිරිමි උක්,කෙසෙල් මෙන්ම අල වර්ග වගා කරති.ගැහැනු අය බතල,එළවළු හා විවිධ බෝග වර්ග වගා කරති.
ජපානයේ අයිනුවරු(Ainu)
හොකයිඩෝ දූපත්,කුරිල් දූපත් හා සබාලීන් දූපත් මොවුන්ගේ වාසස්ථාන ලෙස නම් කෙරේ.මොවුන් වගාකරන අතර ඒ සඳහා සාම්ප්‍රදායික ක්‍රම යොදාගනී.නමුත් ප්‍රධාන ආහාරය සැමන් මාළු ය.මුවන්,වලසුන් වැනි සත්ත්ව මස් ද ශාකවර්ග ද අයිනුවරුන්ගේ ආහාර වෙති.මොවුන් කොටු හැඩයෙන් යුත් නිවාස සාදා ගන්නා අතර වහලයට පිදුරු යොදාගනී.ගෝත්‍රික ජනසමාජ වලින් වේගයෙන් වෙනස්වීම් වලට ලක්වුණු කොට්ඨාසයකි.වර්තමානයේ අයිනුවරු 25,000 ක් පමණ ජීවත් වෙති.
එස්කිමෝවරු(Eskimo)
ග්‍රීන්ලන්තය,නැගෙනහිර සයිබීරියාව,බීරිං මුහුදුබඩ ප්‍රදේශ හා ඇලියුෂන් දූපත්වල එනම් උතුරු ධ්‍රැවාසන්න ප්‍රදේශවල ජීවත් වෙති.එස්කිමෝවරුන්ගේ හිස දිගටිය.මුහුණ පළල් ය.මොවුන්ගේ නිවාස ඉග්ලූ ලෙස හඳුන්වයි.එය අර්ධ ගෝලාකාර වන අතර අයිස්කුට්ටි උපයෝගී කරගෙන සාදයි.අනෙක් ජනකොටස් වල නිවාසවලට වඩා ඉග්ලූ නිවාස ප්‍රසිද්ධ ය.මෙම අයිස් බිත්ති දියවීම වැළැක්වීමට පාසි හා සම් වලින් ආවරණය කෙරේ.එස්කිමෝවරුන්ගේ ඇඳුම් සඳහා පිනි මුවන්ගේ සම් හා සීල් මත්ස්‍ය සම් භාවිතා කෙරේ.අධික ශීත ප්‍රදේශවල ජීවත්වන මොවුන් බල්ලන් යෙදූ හිම යානා ප්‍රවාහනය සඳහා යොදා ගනී.
*සංස්කරණය : තාරක ඩී.බෝගහවත්තගේ
*මූලාශ්‍රය : මිහිර පුවත්පත(2018.08.27)
එල එල
ReplyDelete❤️
Delete