ශ්‍රී ලංකාවට ආවේණික පක්ෂීන් 01

   
   01.ලංකා කැහිබෙල්ලා-Sri Lanka Blue Magpie
        විද්‍යාත්මක නාමය : Urocissa ornata

                               ලංකා කැහිබෙල්ලා කඳුකරයේ සහ පහතරට තෙත් කලාපයේ දැකිය හැකිය.මොවුන්ගේ ඇති සුවිශේෂී සුන්දරත්වය නිසාවෙන්ම මොවුන් "වනයේ මනාලිය" ලෙසද හඳුන්වයි.නිරිතදිග කඳුකරයේ අඩි 7000 තෙක් උස් වූ ඝන වනාන්තර වලත් ඒ අවට පහතරට තෙත් කලාපයේත් වෙසෙන මෙම පක්ෂියා කපුටකුට වඩා මඳක් කුඩා දැකුම්කලු පක්ෂියෙකි.හිස දුඹුරු පැහැතියි.
                                                       ශරීරය නිල් පැහැතියි.ඇටිකුකුළාගේ මෙන් රත් පැහැති පියාපත් අග සුදුවන් නිල් පැහැති දිගු පෙඳයක් පිහිටයි.රංචු ලෙස ජීවත් වෙයි.වරකට බිත්තර 3-5 දක්වා ගණනක් දමන අතර බිත්තර දුඹුරුවන් සළකුණු සහිත කහ පැහැතියි.


   02.ලංකා බට ඇටිකුකුළා-Green-billed coucal
       විද්‍යාත්මක නාමය : Centropus chlororhynchos


                                               ඝන වනාන්තරවල බට පඳුරු සහිත පහතරට බිම් පෙදෙස්වල පමණක් දැකිය හැකි බට ඇටිකුකුළා(වල් ඇටිකුකුළා) ශ්‍රී ලංකාවෙ සාමාන්‍යයෙන් දැකිය හැකි ඇටිකුකුළාට වඩා වෙනස් වන්නේ තරමක් කුඩා වීමත් ළා කොළ පැහැති හොටක් තිබීමත් නිසායි.වසරේ ජනවාරි සිට ජූලි දක්වා කාලයේදී පඳුරු වල කැඳලි සාදා සුදු පැහැ බිත්තර 2-3 අතර සංඛ්‍යාවක් දමන බව වාර්තා වේ.


03.ලංකා අළු ගිරවා-Sri Lanka Layards Parakeet
    විද්‍යාත්මක නාමය : Psittacula calthropae


                                     ශ්‍රී ලංකාවෙ බොහෝ පෙදෙස්වල දැකිය හැකි අළු ගිරවා කඳුකරයේ දී විශේෂයෙන් දැකිය හැකිය.අළු ගිරවාගේ හිස අළු පැහැතියි.
                                                                                පෙඳය තද නිල් පැහැතියි.යුගල වශයෙන් මෙන්ම රංචු වශයෙන් ද ගැවසේ.පලතුරුවලින් හා මල්පැණි වලින් යැපෙයි.මෙම ගිරවාගේ හිස සහ පිට ප්‍රදේශය අළු පැහැයක් ගනී.කුරුල්ලාගෙ හොට රතු පැහැතිය.කිරිල්ලියගේ හොට කළු පැහැයක් ගනී.අවුරුද්දේ මුල් කාලයේදී හා ජූලි-සැප්තැම්බර් කාලවලදී ද බෝවීම දැකිය හැකිය.බිත්තර දමන්නේ ගස් බෙනවලය.වරකට බිත්තර 2-3ක් දමයි.ඒවා සුදු පැහැතිය.වඳ වී යාමේ තර්ජනයට ලක් වී ඇති පක්ෂියෙකි.


  04.වත රතු මල් කොහා-Red Faced Malkoha
     විද්‍යාත්මක නාමය : Phaenicophaeus pyrrhocephalus



                                        ඝන කැලෑවල පමණක් ජීවත් වෙයි.ප්‍රධාන වශයෙන් තෙත් කලාපීය වැසි වනාන්තර වල දැකිය හැකිය.වියළි කලාපයේ සමහර කැලෑවල සුළු වශයෙන් ජීවත් වෙයි.ශරීරය ඇටිකුකුළකුගෙ ශරීර ප්‍රමාණයට වඩා සිහින්ය.මුහුණ සම්පූර්ණයෙන්ම රතු ය.ආහාරයට ගන්නේ කුඩා පලතුරු,කෘමීන් හා දළඹුවන් ය.නාද කරන්නේ ඉතා අඩුවෙනි.
                                       අවුරුද්දේ මුල් මාසවලදී හා අගෝස්තු-සැප්තැම්බර් කාලවලදී බෝවීම දැක ගත හැකිය.වරකට සුදු පැහැති බිත්තර 2-3ක් දමයි.වනයේ ඉතා උස් ගස් ආශ්‍රිතව කෝටු කැබලි එක්තැන් කර රවුම් නොගැඹුරු කූඩු තනයි.වඳවීයාමේ තර්ජනයට ලක්වී ඇති පක්ෂියෙකි.

05.පඬුවන් බස්සා-Serandib Scops Owl
    විද්‍යාත්මක නාමය : Otus thilohoffmanni


                                      විශාල ඝන වැසි වනාන්තරවල වෙසෙන බස්සන් විශේෂයකි.කුරුල්ලාගේ හා කිරිල්ලියගේ ශරීර පෙනුම එක හා සමාන ය.කුරුල්ලාගේ ඇස් තැඹිලි මිශ්‍ර කහ පැහැතිය.කිරිල්ලියගේ ඇස් කහ පැහැතිය.සම්පූර්ණයෙන්ම නිශාචර පක්ෂියෙකි.දහවල් කාලයේ ඝනව වැඩුණු පඳුරු තුළ ලැඟුම් ගනී.ඇඳිරි වැටීමත් සමඟ නාදකර ආහාර සොයායති.පඳුරු මට්ටමේ සිට උස් ගස් වල වියන් ස්තරය දක්වා සැරිසරයි.කෘමීන්,සළඹයන් ආහාරයට ගෙන යැපෙයි.පැටවුන් හමුවී ඇතත් කූඩු හමු වී නැත.ගස් බෙනවල බිත්තර දමා පැටවුන් බිහිකරනු ඇතැයි විශ්වාස කරයි.ජෝඩු වශයෙන් ජීවත් වේ.

    * සංස්කරණය _තාරක ඩී. බෝගහවත්තගේ *

    *  ඡායාරූප google හරහා ලබා ගන්නා ලදී. *

Comments

Post a Comment

Popular posts from this blog

ලොව වෙසෙන මුවන් - සත්ත්ව ලෝකයේ විවිධත්වය 01

විසිතුරු මසුන්

රතු ඉන්දියානුවෝ