ලොව වෙසෙන මුවන් - සත්ත්ව ලෝකයේ විවිධත්වය 01
ක්ෂීරපායි සත්ව විශේෂයක් වන මුවන් ලොව වඩාත් අහිංසක සතුන් කොටසක් ලෙසටද සැලකෙයි.තුන්ද්‍රා භූමි වල සිට වැසි වනාන්තර දක්වා ප්‍රදේශවල මෙම සතුන් ව්‍යාප්තව සිටියි.වනාන්තරයක තිරසාර පැවැත්මට මුවන්ගේ දායකත්වය ඉතා වැදගත් ය.අද වනවිට මිනිසාගේ බොහෝ තර්ජනයන්ට මෙම මුවන් ලක්වෙති.මස්,හම්,අං සහ කස්තුරි ආදිය ලබා ගැනීමට වසරකට විශාල ප්‍රමාණයක් මුවන් දඩයම් කරනු ලබයි.කස්තුරි යනු මුවන්ගේ ඉකිලිය යට ඇති ග්‍රන්ථියකින් ස්රාවය වන ද්‍රව්‍යයකි.මෙම කස්තුරි මිල අධික සුවඳ විලවුන් නිෂ්පාදනයට යොදා ගනී. • දුඹුරුවන් මුවා(Fallow Deer) විද්‍යාත්මක නාමය : Dama dama යුරෝපයේ වනාන්තර හා තණබිම් ආශ්‍රිතව ගැවසේ.තණකොළ,ගස්වල පත්‍ර,පොතු සහ අතු ආහාරයට ගනී.වලිගය හැර අඩි 5 අඟල් 3 ක් පමණ දිගකින් යුතුයි.150 kg ක් පමණ බරකින් යුක්තය.යුරෝපයේ වෙසෙන වැඩියෙන්ම අලංකාරම මුවා වෙයි.මෙම මුවෝ සිය දෙනෙකුගෙන් පමණ සමන්විත රංචු වශයෙන් වාසය කරති. දිවා කාලයේ මෙන්ම රාත්‍රී කාලයේදී ද දැකගත හැකිය.කළු පැහැයේ සිට දුඹුරු පැහැය දක්වා සිරුරේ වර්ණය වෙනස් වෙයි.එහි සුදු පැහැ විශාල පුල්ලි දැකගත හැකිය.එසේම විශා