Posts

Showing posts from June, 2020

හිරු මඬලේ සිසිල්ම ග්‍රහලෝකය

                              සෞරග්‍රහ මණ්ඩලයේ ඇති හත්වැනි ග්‍රහලෝකය වන යුරේනස්,වායු යෝධයන් අතර තුන්වැනි ග්‍රහලෝකයද වෙයි.විෂ්කම්භය අනුව ග්‍රහලෝක අතර විශාලත්වයෙන් තුන්වැනි ස්ථානය යුරේනස්ට හිමිවන අතර,ස්කන්ධය අතරින් සිවුවැනි ස්ථානය හිමිකර ගනී.                                 යුරේනස් ග්‍රහලෝකය මුලින්ම සොයා ගන්නා ලද්දේ විලියම් හර්ෂල් නම් තාරකා විද්‍යාඥයා විසිනි.ඒ 1781 වසරේදී ය.පැරණි ශිෂ්ටාචාරවල මේ ග්‍රහලෝකය පිළිබඳ තොරතුරු නොමැති අතර පියවි ඇසින් දැකීමට නොහැකි තරමට දුබල ආලෝකයක් විහිදුවන බැවින් ඔවුන්ට නිරීක්ෂණය නොවන්නට ඇත.විලියම් හර්ෂල් පවා මුලදී මෙය ධූමකේතුවක් ලෙස විශ්වාස කළත් වසර කීපයකට පසුව එය ග්‍රහලෝකයක් බව තහවුරු විය.නූතන ඉතිහාසය තුළ මුලින්ම සොයාගත් ග්‍රහලෝකය ලෙස සැලකෙන්නේ යුරේනස් ග්‍රහලෝකයයි. සිකුරු ග්‍රහයා මෙන් යුරේනස් ද භ්‍රමණය වන්නේ ප්‍රතිවිරුද්ධ දිශාවට ය.එයට තම අක්ෂය වටා වටයක් සම්පූර්ණ කිරීමට පැය 17 කුත් මිනිත්තු 14ක් ගතවේ.එසේම යුරේනස්ට හිරු වටා එක් වටයක් සම්පූර්ණ කිරීමට පෘථිවි දින 84ක් ගත වෙයි.ග්‍රහලෝකය අංශක 98ක් ආනතව පිහිටන නිසා එයට වසර 42ක දිවාකාලයකුත් වසර 42ක රාත්‍රී කාල